ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ලෝක ක‍්‍රිකට් පිටියේ දැවැන්ත චරිත දෙකක් වූ ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නකු සහ වේග පන්දුයවන්නකු මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමේ සූදානමක් ඇති බව වාර්තාවේ.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාගෙන් දඟ පන්දුයවන්නා මේ වන විටත් පානදුර ක‍්‍රීඩා සමාජය සමග ගිවිසුමකට ද එළඹ සිටින බවද එහි නිලධාරියෙක් පැවසීය. වේග පන්දුයවන ක‍්‍රීඩකයාට පානදුර ප‍්‍රදේශය සමග කිට්ටු සම්බන්ධතාවක් ඇති බව ද දැනගන්නට තිබේ.