ටෙස්ට් - එක්දින පිලේ නායකත්වය මැතිව්ස්ට


ශ්‍රී ලංකා ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද පත්කර තිබේ. විස්සයි20 පිලේ නායකත්වය දිනේෂ් චන්ද්මාල්ට හිමිව ඇති අතර ලසිත් මාලිංග උප නායකයා ලෙස කටයුතු කරයි.

ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ සංචාරයේ සිට ලබන වසරේ (2014) ජනවාරි මස අවසන් වන පාකිස්තානු සංචාරය දක්වා මෙම පත්කිරීම් බලපැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, අෂේන් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන, කුෂල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, චානක වෙළගෙදර, නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත සමීර, රංගන හේරත් සහ තරිඳු කෞෂාල්