උතුරු පළාත් සභාවේ ටෙලෝ මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා පමණක් මුලතිව්හි මුල්ලිවයික්කාල් අවසන් සටන පැවැති යුද පිරියේ පොදු සමිති සංගම් ශාලාවේ දී සාම විනිසුරු කේ මයිනර් පෙරුමාල් මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.
යුද සමයේ තම ඥාතීන් පනස් දහසක් පමණ එම ප්‍රදේශයේ දී මිය ගිය බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වීම වස් එහිදී දිවුරුම් දුන් බවත් සිවාජ ලිංගම් මහතා කියයි.

