ඉඩම් ආරවුලක් මත ටෙලිකොම් සේවකයකුගෙන් පළි ගැනීම සඳහා තමා කෙළෙසීයැයි බොරු පැමිණිල්ලක් කළ කාන්තාවකට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා මාස තුනක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 1500 ක දඩයක් නියම කළේය.
පොලිස් ඇප මත සිටි ටෙලිකොම් සේවකයාට එරෙහිව නඩු පැවරුණේ නැත. ඒ නිසා ඔහුට එරෙහි නඩුද නොවැටිණි.
අකුරැස්ස පරදුව පහුරන්විල පදිංචි බුද්ධිකා ශ්‍යාමලී විතාරණ (35) ඇයයි. ඇය දෙදරු මවකි.
ටෙලිකොම් සේවකයාගේ පැමිණිල්ලක් මත ඇගේ සැමියා මීට කළින් අත්අඩංගුවට ගැනීම නිසා ඇය මේ බොරු පැමිණිල්ල කළ බව ඇය අධිකරණයේදී පිළිගත්තාය.