තම මෝටර් රථය පදවා අනතුරක් වළක්වා නොගැනීම හා රජයේ දේපළවලට අලාභ හානි සිදුකළ බව කියන ටෙලි නාට්‍ය නිළි රිතූ ආකර්ෂා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ සම්බන්ධ වැඩිදුර විභාගය ජනවාරි 6 වැනිදාට කල් තැබිණි.
රිතූ ආකර්ෂා පසුගිය 22 වැනිදා රාත්‍රී රූපගත කිරීමකට ගොස් සිය මිතුරියක් නිවසට ඇරලවීමෙන් පසු නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි තලංගම පොලිසිය කියයි.
පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන දොරටුව රාත්‍රී කාලයට වසා තැබෙන අතර මාර්ග බාධකද කඩාගෙන ඇය මෝටර් රථය ධාවනය කර ඇතැයි ද මෝටර් රථයටද බරපතල හානි සිදුව ඇතැයිද කියති. ඇගේ රිය වසා තිබූ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම් දොරටුව හරහා ගොස් මාර්ගය හරහා යොදා තිබූ කේතු පොඩිපට්ටම් කරගෙන මීටර් 20ක් 30 ක් පමණ ඉදිරියට ධාවනය වී ඇත.
රිය පැදවූ නිළියට තුවාල සිදුවී නැති අතර ඇය අනතුරින් පසු ඇමැතිවරයකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය විස්තර කර ඇතැයිද ඉන්පසු පොලිසියට කටඋත්තරයක් ලබාදී ඇතැයිද කියති. පොලිසිය ඇය කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළේය.
රිතූ ආකර්ෂා මෑතකදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණව සිටි නිළියක් වන අතර ඇය රංගනයෙන් දායක වන මෙගා ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයකම විකාශයවේ. ඇය මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන සඳුන් රාජකරුණාගේ ‘උතුම් පැතුම්‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක්ද නිරූපනය කරන්නීය.





