ටෙලි නාට්‍ය නළුවා හොර සල්ලි මල්ලක් සමග අල්ලයි


රුපියල් දහසේ හොර නෝට්ටු 151 ක් සමග ටෙලි නාට්‍ය නළුවෙකු සහ  ගීත ගායකයෙකු අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

අංක 13 කින් වූ මෙම හොර නෝට්ටු මාරු කරන්නට යද්දී ඔවුන් පොලිසියට අසුවිය.

පන්නිපිටියේ දෙපානම පදිංචි මෙම ටෙලි නාට්‍ය නළුවා පවසා ඇත්තේ මිතුරෙකු වන බන්ධනාගාර සිරකරුවෙකුගේ දැනුම් දීමක් අනුව කුරුණෑගල නිවසකින් මෙම හොර සල්ලි ලැබුන බවයි.

මෙම හොර නෝට්ටු සිලි සිලි මල්ලක තිබූ බව ඔහු පොලීසියට  පවසා ඇත.