ටෙල් ලයිට් නැති අයට රතු ලයිට්


පිටුපස ටේලි ලයිට් හෙවත් රතු පරාවර්තක නැතිව  පාපැදි රාත්‍රියේ පදවන්නන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

රාත්‍රී සිදුවන අනතුරු රැසකට ලක්වූ පාපැදිවල ටේල්ලයිට් නැතැයි කියන ඔහු මේ නිසා ජීවත හානි රැසක් ද අහිමිවී ඇතැයි ද පවසයි.