ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි එකොලොස් ලක්ෂයක් වංචා කළැයි චෝදනා 26කට වරද පිළිගත් යුක්රේන ජාතිකයන් දෙදෙනකුට බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂය බැගින් අතිරේක දඩයක් ගෙවන ලෙස ද, එම දඩය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට දෙමාසය බැගින් බරලතල වැඩ සහිත සිර දඩුවම් ද නියම කැරිණි.
වෙන්නප්පුව, මීගමුව, සීදුව, නිට්ටඹුව, ජා-ඇල, යක්කල, කටුනායක හා හලාවත බැංකුවලින් 2012 මාර්තු 10 සිට 21 වැනිදා දක්වා මෙම මුදල් හොරෙන් ගෙන ඇත.
ඔවුන් ළඟ තිබූ හොර ක්‍රෙඩිට් කාඩ් 99ක් ද රාජ සන්තක කෙරිණි.