හදිසි ඖෂධ ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවන අවස්ථාවලදී අයදුම් නොකරන ලියාපදිංචි ඖෂධ සමාගම්වලට ඖෂධ සැපයීමේ ටෙන්ඩර් ලබා නොදෙන ලෙසත් එවැනි සමාගම් අසාදු ලේඛන ගත කරන ලෙසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට දැනුම් දී ඇත.
ඇතැම් සමාගම් හදිසි ඖෂධ ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවන අවස්ථාවලදී අයදුම් නොකරන තත්ත්වයක් මතුව ඇති බැවින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියළුම රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සදහා අවශ්‍ය එතනෝල් වෛද්‍ය සැපයුම් අංශයෙන් පමණක් ආනයනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ ආනයනය කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබදව සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය පසුගියදා අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී මෙම තීරණ ගත් බව එම අමාත්‍යාංශය පවසයි.