නව පරම්පරාවේ සී.ටී ස්කෑන් (පරිලෝකන) යන්ත්‍රයක් පසුගියදා බ්‍රිතාන්‍යයේදී එළිදැක්විණ.
මේ එක් යන්ත්‍රයක් නිපදවීමට පවුම් ලක්ෂ 6 ක් පමණ වැයවන බව සදහන්ය.
සී.ටී ස්කෑන් යන්ත්‍ර භාවිතා කෙරෙනුයේ රෝගියෙකුගේ සිරුරේ අභ්‍යන්තරයේ ඇති සංකූලතා නිරීක්ෂණය කිරීමටය.යන්ත්‍රයේ ඇති ඇදක් වැනි කොටස මත රෝගියා සතපා යන්ත්‍රය තුළට ඇතුළු කෙරෙන අතර එහිදී එක්ස් රේ කිරණ ආධාරයෙන් රෝගියාගේ සිරුර පරිලෝකනය කරයි. මේ පරිලෝකන කාර්යය අවසානයේ ලැඛෙන ඡායාරූප නිරීක්ෂණය කිරීම මගින් රෝගියෙකුගේ සිරුර අභ්‍යන්තරයේ සංකූලතා පවතින්නේදැයි නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට හැකිය.
මේ නව යන්ත්‍රයෙන් ලැබෙන්නේ ත්‍රිමාණ ඡායාරූපවලින් රෝගියෙකුගේ සිරුර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට දැන් පිළිවන. තවද පරිලෝකන කාර්යය අතරතුර රූපවාහිනිය නැරඹීමේ හැකියාව, සංගීතයට සවන්දීමේ හැකියාව මේ යන්ත්‍රය මගින් රෝගියාට ලබා දේ.නිර්මාපකයන් පවසන පරිදි ඇතැම් කලබලකාරී රෝගීන් සන්සුන් කිරීම සදහා මෙම අංග යන්ත්‍රයට ඇතුළත් කර තිබේ.නොකඩවා වැඩි වාර ගණනක් එකදිගට යන්ත්‍රය භාවිතා කළ හැකි විීමද මෙහි ඇති තවත් විශේෂ හැකියාවකි.
දැනටමත් බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ්හි පිහිටි රෝහලේ මෙවන් යන්ත්‍රයක් ස්ථාපිත කොට ඇති අතර එහි ක්‍රියාකාරීත්වය ගැන තමන් අතිශයින් සෑහීමකට පත්ව ඇති බව රෝහලේ සේවය කරනා වෛද්‍යවරුන් කියයි.පෙර මෙන් නොව දැන් සී.ටී. පරිලෝකන කටයුතු වඩා ඉක්මනින් කරගත හැකි බවත් නව තාක්ෂණයට පින්සිදුවන්නට රෝග විනිශ්චය දැන් වඩාත් නිවැරදිව සිදුකළ හැකි බවත් ඔවුන් පවසයි.