ටීඑම්වීපී ලේකම් යළි රිමාන්ඩ්


2008 දෙසැම්බර 28 වැනි දා මඩකලපුව අරයම්පති ප්‍රදේශයේ දී පාසල් ගුරුවරුයකු වූ මනෝහාර් ඇතුළු දෙදෙනකු ඝාතනය කළැයි සැකපිට තමිල් මක්කල් විදුතලෛ පුලිගල් (ටීඑම්වීපී) පක්ෂයේ ලේකම් සහ නැගෙනහිර හිටපු මන්ත්‍රි පූපාලපිල්ලේ ප්‍රිෂාන්තන් ලබන 28 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් එන් අබ්දුල්ලා මහතා නියෝග කළේය.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට ටීඑම්වීපී පක්ෂයේ නායකයා වූ පිල්ලෙයාන් ද රිමාන්ඩ් බාරයේ පසු වෙයි.