ටීඑන්ඒ මන්ත්‍රී වව්නියා ගෙදර කොටියා සමරයි


මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදි මියගිය කොටි සාමාජිකයන් හා   මියගිය වැසියන් සමරා  දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාගේ වව්නියාව නිවසේ දී අද (18) පැවැත්විණි.

 ආනන්දන් මහතාගේ නිවස අසළ භද්‍රකාලි කෝවිලට ගොස් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ.

 ආනන්දන් මහතා පැවසුවේ යුද හමුදාව සමඟ යුද ජයග්‍රහණය සැමරීමට ජනාධිපතිවරයාට හැකිනම් පහනක් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවට සිහිකිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාව ඇති බවයි. පහන් දල්වා වෙල්ලමුල්ලිවයික්කාල් හි මියගිය කොටි සාමාජිකයන්ට ශාන්තිය උදාවේවා යන්න ප්‍රාර්ථනා කළ බව ද ඔහු සඳහන් කළේය.

මන්නාරම  සෙබමාලෙයි අඩිකාලෙයි   හා ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු කිතුනු පූජකවරු විශේෂ යාඥාවක් පැවැත්වූහ.

 දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්,   උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්, උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ එස්.ශිවමෝහන්, පි.ඉන්ද්‍රරාජා මහත්වරු ද පැමිණ සිටියහ.