ටී.එන්.ඒ හර්තාල් සිකුරාදා?


දෙමළ ‘දේශපාලන සිරකරුවන්‘ නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා උතුරු පළාතේ සියලු කඩ සාප්පු ලබන සිකුරාදා (13) වසා හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

දෙමළ දෙසිය දාහත් දෙනකුට පොදු සමාව ලබා නොදෙන්නේ නම් උතුරු පළාතේ දෙමළ ජනතාව රජය කෙරෙහි ජනතාව රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මන්ත්‍රී පැවසීය.