ටී.එන්.ඒ ස්ථාවරයේ වෙනසක් නැතිලු


ශ්‍රී ලංකාවේ සිදු වීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළ යුතු බවට තමන් පෙර සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි දෙමළ ජාතික සන්ධානය කියයි.

ඒ සම්බන්ධයෙන් සහනදායි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සහ ඇමෙරිකාව සමග ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරයන කතාවේ සත්‍යතාවක් නැතැයි ද එම පක්ෂය පවසයි.

සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීමට සහ  සමානාත්මතාවයෙන් සැලකීමට සහ නොබෙදුණු ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තම අපේක්ෂාව බව ද දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.