ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා කියයි.
කොළඹදී දෙමළ සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවක් දැන් පැවැත්වේ.
ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටදැයි සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර ඊයේ (29) යාපනයේදී පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවත් තම පක්ෂය දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන බවත් ඔහු කීවේය.

