ටී.එන්.ඒ පිරිසක් ස්කොට්ලන්තයට


එක්සත් රාජධානිය යටතේ පවතින ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කර ඇති ෆෙඩරල් පාලනය පිළිබද අධ්‍යයනය කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ   පිරිසක් ස්කොට්ලන්තය බලා පිටව ගියහ.

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා පසුගිය 25 වැනි දා ලන්ඩනයේ දෙමළ සමුළුවකට එක් වීම සදහා පිටව ගිය අතර ඔහු ද බ්‍රහස්පතින්දා (28) ස්කොට්ලන්තය බලා යාමට නියමිතය.

ස්කොට්ලන්තයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා   නීති විශාරදයින්ගේ උපදෙස් මත ස්කොට් ලන්තයට සමාන  ආකාරයෙන් උතුරේ අර්බුදයට ෆෙඩරල් විසදුමක් සහිත  යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර ඇත.