ටිරාන් නඩුවේ අර්ථ නිරූපණය කල් යයි


හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී තිබියදී මහාධිකරණය හමුවෙහි ඔහුට එරෙහිව නඩු පැවරිය හැකිද යන්න පිළිබඳ වන අර්ථ නිරූපණය ප‍්‍රකාශ කිරීම ලබන මස 05 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න සහ ප‍්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවීමට නියමිතව තිබූ නමුත් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු මඩුල්ලෙහි අසුන් ගෙන සිටියේ නැත.

පුවත්පත් ආයතනයක හිමිකරුවෙකු සහ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන තමන් “රාඩා “ ආයාතනයේ මුදල් ඩංචා කළැයි චෝදනා නඟමින් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා මෙ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.