2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ඇප මත නිදහස් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
රුපියල් පහලොස් දහසක බැගින් මුදල් ඇප ද, රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප ද නියම කැරිණි.
ප්‍රධාන සැකකරුගේ සහායකයකු වන ලක්ෂාන් ජයසිංහ, නයිවල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු වන සිරිවර්ධන ජයසේන, නයිවල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රිය ශාන්ත සෙසු ඇප ලැබුවෝ වෙති.
සම්පත් අත්තටගේ දෙසැම්බර් 22 වැනිදා සිට මාස එක හමාරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ පසු විය.