ටියුෂන් කඩේට ඇමැති නිමල් පහර දෙයි


බදුල්ලේ ඇතැම් පාසල් ගුරුවරුන් එළිපිට ටියුෂන් පන්ති කරනවා. සමහරු උදේ නිවාඩු දාලා සවසට  ඇවිල්ලා එම නිවාඩු ඉල්ලුම් පත්‍රය ඉරා විසි කරනවා. පාසල් විනය අන්තයටම කඩා වැටිලා. පාසල් දරුවන් අනාථවෙලා යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය

ඌව පළාත් ශ්‍රවණාගාරයේ අධ්‍යාපන සංවර්ධන ප්‍රගති සමාලෝචන  රැස්වීමේ දී අමාත්‍යවරයා එසේ කීය අමාත්‍යවරයා මෙසේ ද කීය. මේ පෞද්ගලික පන්ති කෙරුවාව හැමෝම කරන්නේ නැහැ. ඊට ඇබ්බැහි වු කීපදෙනකු නිසා පාසල් කඩා වැටෙනවා. පාසල්වල සිසු ගුරු විනය පිරිහිලා. අපට මේ ගැන මව්පියන් පැමිණිලි කළත් ඒ ගැන සොයන්න කිසිම අධීක්ෂණයක් කරන්න බැහැ. පාසලේ ඉන්නේ කවුද අත්සන් කරල පාසලෙන් යන්නේ කවුද සොයලා බලන්න, නොදන්වා පාසලට කඩා පනින්න. මීට ප්‍රධාන හේතුව අධීක්ෂණයක් නොමැති කමයි. ඒ නිසා මාසෙකට සැරයක්වත් නිලධාරීන් පාසල්වලට පැමිණිය යුතුයි.