ටිපර් රියෙන් මරුවා එයි


දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම දී ටිපර් රථයක් ට්‍රැක්ටරයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් ට්‍රැක්ටරයේ රියදුරු මියගිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

තලකිරියාගම තෙන්නකෝන්පුර පදිංචි 37 හැවිරිදි අයකු එසේ මිය ගොස් ඇති අතර ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

20160621_150148 20160621_150430 20160621_150713