ටිපර් රියෙන් ඝාතනය කළ කොස්තාපල් සැරයන් තනතුරට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොබෙයිගනේ හාතලව ප්‍රදේශයේ දී වැලි  ජාවාරමක්  වැටලීමට ගොස් සිටියදී ජාවාරම්කරුවන් විසින්  ටිපර්  රථයකට යටකර ඝාතනය කරන ලද, පොලිස් කොස්තාපල්වරයා   පොලිස් සැරයන් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් කිරීමට    පොලිස්පතිවරයා  තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම නිලධාරියා වීර වික්‍රමාන්විතව කරන ලද රාජකාරිය වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී දිවි පිදීම යන කාරණාව සලකා බලා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට තීරණය කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම නිලධාරියා  පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර 10 ක කාලයක් සේවය කළ අයෙකි.