කෑගල්ල වඩුපොළ ප‍්‍රාථමික විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ සංගීත භාණ්ඩ හදගෙන ඇත්තේ ඔවුන් විසින්මය. සංගීත භාණ්ඩ මිලදී ගන්නට ඔවුනට මුදල් නැත. ඉවතලන පොල් කටු, බේසම්, ටින් කබල්වලින් සදාගත් සංගීත භාණ්ඩ වලින් ඔවුහු මිහිරි සංගීතයක් උපද්දති.
විදුහලේ නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල ඉකුත්දා පැවැත්වුණු අතර එහි ආරාධිතයන් පිළිගනු ලැබූවේ මේ සංගීත භාණ්ඩ වයමිනි.
විදුහල්පති එස්.සී. වීරසිංහ මහත්මියගේ උපදෙස් මත ක‍්‍රීඩා උත්සවය පැවැත්විණි.