ටිකෙන් ටික විදුලි සැපයුම යථා තත්වයට


(යොහාන් භාසුර

විදුලිබල පද්ධතියේ සියයට 80 ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

ඉතිරි ප්‍රදේශවල ද විදුලිය සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ අපහසුතාවය පිළිබඳ කණගාටුව පල කරන බවත් විදුලිබල මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි.