සීතාවක රජ මාලිගාවේ පිවිසුම් දොරටුව,කොටු පවුර ඇතුළු ස්ථාන කිහිපයක් හඳුනාගැනීමට හැකි වී යැයි සබරගමුව පුරාවිද්‍යා කාර්යාලය කියයි.
සිතාවක අගනුවර කැර ගනිමින් මායාදුන්නේ ක්‍රි.ව1521-81 හා ඔහුගේ පුත් ටිකිරි කුමරු හෙවත් පළමුවැනි රාජසිංහ රජු සිතාවක මාලිගයේ සිට රජකම් කළ බව ඉතිහාසය කියයි.
සබරගමුව සහකාර පුරා විද්‍යා කොමාසාරිස් පී කේ මදුරප්පෙරුම මහතා පැවසුයේ රාජසිංහ මාලිගාව සේවීමේ කැණිම්වලදී ලන්දේසි යුගයේ සාධක මුලින්ම සොයාගත් බවයි.
‘ලන්දේසි බල කොටුව සාදා ඇත්තේ විනාශ කැර දැමු රජ මාලිගාවේ අත්තිවාරම උඩ බව පේනවා.ලන්දේසි බලකොටුව කබොක් ගලින් සදා තිබෙනවා.පසුව මාලිගාව හැදිමට කළු ගල් ද යොදාගෙන ඇති බව පේනවා.මාලිගයට පිවිසුම් දොරේ හා උළුවස්සේ හා කෙළවර තිබු අගුලක්ද සොයා ගත්තා.’
ප්‍රාදේශිය කැණිම් හා කෞතුකාගාර නිලධාරිනි ජයන්ති බියන්විල මහත්මිය පැවසුයේ අනුරාධපුර යුගයේ කාසියක්, ලන්දේසි යුගයේ තඹ දොයිතුවක්, රජ මාලිගයේ උළු කැට,වළං,රට පිඟන් කෑලි,පරාල ගැසීමට ගත් අගල් හයක් දිග පරාල ඇණ කිහිපයක් ද සොයා ගත් බව කිවාය.
පුරා විද්‍යා කැණිම් ශිල්පි ඩී එම් එස් දසනායක මහතා සඳහන් කළේ සීතාවක රාජසිංහ රජුගේ මාලිගයේ නටඹුන් සොයා ගත් බව ස්ථිර ලෙසම ප්‍රකාශ කළ හැකි බවයි.
රජ මාලිගය කඩා බිද ගිනි බත් කිරීමෙන් පසු පිළිස්සී ගිය අළු පවා සොයා ගත්තා.සිංහල උළු කැට කැබළි සොයාගත්තා.පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසින් අතින් සිදු වු විනාශය මෙම කැණිම් වලින් පෙනෙනවා යැයිද ඔහු පැවසීය.