ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද (2) දෙවැනි දිනටත් සිය අලෙවි කටයුතු වලින් බැහැර වූහ. කොට්ටාව නගරයේ ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද නගරයේ විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයේ යෙදුණහ.
ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 30 වැඩි නොකරන ලෙසත් දැන් පවතින රුපියල් 20 මිල වෙනස් නොකර කොමිස් මුදල වැඩි කරන ලෙසත් ඔවුහු ඉල්ලති.



