ටිකට් නැත්නම් දඩය රුපියල් 2500යි


ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට නියම කැරෙන දඩය මාර්තු 11 වැනිදා සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

පළමු පන්තිය සඳහා රුපියල් 1600ක්, දෙවැනි පන්තියට රුපියල් 1200ක් හා තුන්වැනි පන්තියට රුපියල් 900ක් වශයෙන් දැන් දඩ ගැසේ.

තුන්වැනි පන්තියේ ටිකට්පතින් දෙවැනි පන්තියේ ගමන් කිරීමේ වරදට දඩය ද රුපියල් 2500 දක්වා වැඩි කරීමට යයි.