ටැබ් පරිගණක -දුරකතන සමඟ තිදෙනකු ගුවන්තොටේදී අල්ලයි


 

(ටී.කේ.ජී.කපිල )

රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග අද(24)  ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් තිදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඔවුන් අතරින් 39 හැවිරිදි සහ 62 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අනෙක් පුද්ගලයා 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ අතිනවීනතම ජංගම දුරකථන 559 ක් සහ ටැබ් පරිගණක 80 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .