ට්‍රාන්ස්ෆෝමර් විනාශය සොයන්න පොලිසිය ගෙන්වයි


බියගම ට්‍රාන්ස්ෆෝමරය අසාමාන්‍ය ලෙස විනාශ වීමට බලපාන්නට ඇති වෙනත්  හේතු සාධක දැඩිව සොයා බලන්නට  රජය තිරණය කළ බවත්  ඒ අනුව පොලිසිය හා රජයේ රස පරික්ෂක පරික්ෂණයට  කැඳවු බවත් විදුලි  බල ඇමැති  රංජිත් සියඹලාපිටිය කියයි. ඉරිදා (13)  සිදු වු  විදුලිය බිඳ වැටිම සම්බන්ධයෙන් කමිටු කිහිපයක්ම පත් කර ඇති  අතර  අවශ්‍ය වුවහොත් එතෙර  විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නා බවත්  ලබන 21 වැනි දා ට  පෙර  එම වාර්තා ලබා ගැනිමට නියමිත බවත් ඔහු කියයි. මෙම බිඳ වැටිමත්  සමඟ නොරොච්චෝලේ යළි අක්‍රීය වී යැයි  ද ඒ අනුව දින තුන හතරක්  යන තුරු මෙගාවොට් 900 ක විදුලිය අහිමි වන හෙයින් අරපිරිමැස්මෙන් විදුලිය පාචිච්චි කරන්නැයි ද එසේ නොමැති වුවහොත්  විදුලිය විසන්ධි කිරිමට  සිදු වන්නේ යැයි ද ඇමැති  පවසයි.