විදුලි බල විදූලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවයක් සඳහා ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර දෙකක් හන්තාන කදූමුදූන වෙත ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 පියාසර හෙලිකෝප්ටර් බලඝණය සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදූකර කරන ප්‍රවාහන මෙහෙයුමි වල සාර්ථකත්වය හා පළපුදූරු බව ප්‍රදර්ශනය කරමින් ගුවන් භටයෝ මෙම විශේෂ භාන්ඩ ප්‍රවාහන මෙහෙයුම සිදු කළහ.
ගුවන් යානයේ එල්ලාගත් ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර අවස්ථා දෙකකදි කදූ මුදූන වෙත රැගෙන පියාසර කිරිමත් කදූමුදූන වෙත ගොඩ බෑමත් මෙම මෙහෙයුම තුලදි සිදූ කරන ලදි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණූව හා පළපුරුද්ද මෙහෙදි මනාව ප්‍රදර්ශනය විය. අංක 06 පියාසර බලඝණයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මෙම මෙහෙයුෙමි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස ෆලයින් ලෙෆ්ටිනටි ඉෂාන් තිබිබටුමුනුව කටයුතු කළේය.
අංක 06 පියාසර බලඝණයට අයත් 171 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සදහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථකව සිදූකර ගැනිම සදහා එම බලඝණයේ සියළුම නිළයන් හට විශාළ පරිශ්‍රමයක් දැරිමට සිදූවිය.














