ටයිටන් සබ්මැරීනයේ කොටස් පා වේ


ටයිටැනික් නෞකාවේ ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ටයිටන් සබ්මැරීනය සිටි පුද්ගලයන් පස්දෙනා මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීහු තහවුරු කරති. 

ටයිටැනික් නෞකාව ගිලි ඇති ප්‍රදේශයට ආසන්නයේ ෙතිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර ඇත.

ලොව ධනවත් පුද්ගලයන් පස් දෙනකු රැගත් එම අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔවුන් තහවුරු කරගෙන ඇත.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.

ටයිටන් සබ්මැරීනය ගමන් ආරම්භ කර පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සියලු සබඳතා බිඳ වැටුණු බව කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.