ටයිගර්ගේ සාර්ථකත්වය


2016-09-13-ent-190

වර්තමාන බොලිවුඩ් සිනමාවේ නවක නළුවන් අතර බොහෝ දෙනෙකුගේ කතාබහට පත්ව සිටින ටයිගර් ෂෙරොෆ් බොලිවුඩ් සිනමාවට පිවිස මේ දක්වා රංගනයෙන් දායකවූ සියලු බොලිවුඩ් චිත්‍රපට සාර්ථක වී ඇත.

පසුගිය වසරේ තිරගත වූ "හිරෝපාන්ති" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ටයිගර් ඉන් පසුව ශ්‍රද්ධා කපූර් සමගින් %බාගි^ චිත්‍රපටයේද රංගනයෙන් දායක විය. මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් දර්ශකයේ පෙරළි කරමින් අති සාර්ථකව තිරගත වන %අ ෆලයින් ජාට්^ චිත්‍රපටයද ටයිගර්ගේ අලුත්ම චිත්‍රපටය වන අතර එයද මේ වනවිට අති සාර්ථක එකක් බවට පත්ව ඇත.

ඉන්දීය රුපියල් කෝටි 35ක වියදමින් තැනුණ එම චිත්‍රපටය තිරගත වු මේ කෙටි කාලය තුළ ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 56ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. ටයිගර් මෙහි ශ්‍රී ලංකා රූපරාජිනි ජැක්ලින් ෆර්නැන්ඩෙස් සමගින් රංගනයේ යෙදේ.

 

2016-09-13-ent-191