බස් හැර සෙසු වාහන ටයර් (30% හෝ කිලෝවට රු 140 හෝ වැඩි ප්‍රමාණය ) ,වාහන අමතර කොටස් (15% සිට 30% දක්වා),බටර් ඇතුළු කිරි නිෂ්පාදන( 30% හෝ කිලෝවට රු 200 ක් යන දෙකින් වැඩි ප්‍රමාණය), රට මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ආනයන බද්ද අද සිට සංශෝධනය කරන බව මුදල් අමාත්‍යංශය කියයි.
දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය සදහා මේ පියවර ගන්නා බවත් විශේෂයෙන් ලුහු ඉංජිනේරු කර්මාන්තය, කිරි හා ටයර් නිෂ්පාදනයට සානුබල සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යංශය පවසයි.
සින්ගල් කැබ් සදහා වන බද්ද සංශෝධනය කෙරේ.එසේ කරනුයේ දැනට පවතින විෂමතාවයක් නිවැරදි කිරීම සදහා බවත් අමාත්‍යංශය කියයි.