බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මේ වන විට පෙරළි කරමින් ලොව පුරා අති සාර්ථකව තිරගත වෙන 'පින්ක්' චිත්‍රපටය පිළිබඳව එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ටප්සි පන්නු "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවියට පවසා ඇත්තේ තමන් මෙතෙක් රංගනයෙන් දායක වූ සාර්ථකම චිත්‍රපටය "පින්ක්" බවයි.
එමෙන්ම අමිතාබ් බච්චන්ගේ රංගනය මෙහි ඉතා ඉහළ මට්ටමක පවතින බව ඇයගේ අදහසයි. ටප්සි පවසන අන්දමට මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතුවී ඇත්තේ "පින්ක්" චිත්‍රපට කණ්ඩායම මෙම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට චිත්‍රපටය රූපගත කිරීම් ආරම්භ කළ මොහොතේ සිට අවසානය දක්වා එකාමෙන් සුහදශීලීව වැඩ කිරීම බවයි.
පසුගිය වසරේ තිගරත වූ ආක්ෂේ කුමාර් රඟපෑ "බේබි" චිත්‍රපටයයේ විනාඩි 20ක් වැනි කෙටි කාලයක් රඟපෑ ටප්සි එම චිත්‍රපටයේ කළ රංගනය හරහා මෙම චිත්‍රපටයට තෝරා ගත් බව සඳහන්ය.