ටච්වුඩ් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ස්වර්ණා මැලනි ශ්‍රී ලංකාවෙන් පිටවී යෑමට තැත් කළහොත් අත්අඩංගුට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
ඇය දැනටම රටින් පිටවී ඇතැයි කියන තොරතුරක් ලැබී ඇතැයි ද ඇය රටින් පිටවී ගොස් නැත්නම් කටුනායක දී අත්අඩංගුවට ගන්නා ලෙසත්, රටින් පිටවී ඇත්නම් ආපසු එන විට අත්අඩංගුවට ගන්නා ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තායිලන්තයේ එගාර් නම් ශාඛය වැවීම සඳහා රාජගිරියේ පදිංචිකරුවකුගෙන් රුපියල් පනස් අට ලක්ෂයක් වංචා කළැයි මේ නඩුවෙන් මැලනිට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කර ඇත.
තමා සමග එළැඹි ගිවිසුම කඩ කරමින් 2006 අයෝජනය කළ අමෙරිකා ඩොලර් 17986 (රුපියල් 2374152) වෙනුවෙන් 2012 වසර අවසානයේ දී තමාට ලැබිය යුතු ඇමෙරිකා ඩොලර් 9200 (රුපියල් 1214400) ලාභාංශය නොගෙවීයැයි පැමිණිලිකාරිය කියා සිටී.