ඥානසාර හිමියෝ බාරවෙති


බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට සුළු මොහොතකට පෙර හෝමාගම පොලිසියට බාරවූහ.

සඳුදා හෝමාගම උසාවියේදී ඥානසාර හිමියෝ ප්‍රගීත් එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදීම හේතුවෙන් උසාවියට අපහාසයක් වූ බව කියමින් මහේස්ත්‍රාත් අධිකරණය ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණි.

භික්ෂුන් වහන්සේලා 50 නමක් පමණ ඥානසාර හිමියන් සමග පොලිසියට වැඩම කළ බවත් වාර්තාවේ.

vlcsnap-2016-01-26-11h43m18s81

බොදු බල සේනාවේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ (මැද) සමඟ ඥානසාර හිමියන් වාහනයකින් උසාවියට ගියේය