බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප‍්‍රගීත් එක්නැලිගොඩ නඩුවේදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරමින් එම හිමියන්ට එරෙහි සංශෝධිත චෝදනා පත‍්‍රයක් නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (13) ඉදිරිපත් කළේය.
මීට පෙර ඉදිරිපත් කර තිබූ චෝදනාපත්‍රය සංශෝධනය කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබිණි. ඒ අනුව මෙම සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කළේය.
පෙත්සම එස් තුරෙයිරාජා මහතා ඉදිරියේ සලකා බැලිණි.
2016 ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති නඩුවක දී අධිකරණයේ ගෞරවයට අභියෝග කිරීම, නඩුවක සැකකරුවන්ට ඇප දෙන ලෙස කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම සහ එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතීඥවරයාට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් ඥානසාර හිමිට එරෙහිව ඉදිරිපත් කර තිබේ.