ඥානසාර හිමිට වරෙන්තු


හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වෙද්දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදුණු බව කියන බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිසියට නියෝග කළේය.

විවෘත අධිකරණයේදී අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයෙන් පිටව ගිය බවද කියති.

අතුරුදන් කළැයි කියන ප්‍රගීත් එක්නැලිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මේ සිද්ධිය මහේස්ත්‍රාත්වරයාට සැල කළහ.

එක්නැලිගොඩ නඩුවේ හමුදා බුද්ධි අංශ සැකකරුවෝ අද අධිකරණයට පැමිණ සිටියහ. යුද හමුදාපති පරීක්ෂණවලට සහාය දෙන බව පැවසූ නිසා ඔහු සම්බන්ධ ප්‍රශ්නයක් පැන නොනගින බව මහේස්ත්‍රාත් කීවේය. 

ලබන 9 වැනිදාට නඩුව කල් තැබිණි.

vlcsnap-2016-01-25-16h48m27s176 vlcsnap-2016-01-25-16h48m49s142 vlcsnap-2016-01-25-16h49m05s43 vlcsnap-2016-01-25-16h49m47s211