(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළඳී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පැමි‚ල්ල විභාග කිරීමට අද තීන්දු කළේය.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි සඳහන් කරමින් ඒ හිමියන්ට එරෙහි චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවනු ලැබූ අතර පැමි‚ලි විභාගය ලබන මැයි 16 වැනිදා ඇරඹීමටද අභියාචානධිකරණය නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි අද මෙම පැමිණිල්ල කැඳැවිණි.
ප්‍රදීප් එක්නැළිගොඩ මාධ්‍යවේදියා අතු=රුදන් කිරීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත්දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට යොමුකර තිබි‚.

