ඥානසාර හිමිට ඇප : සාක්කිකරුවන්ට බලපෑම් බෑ


සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැන තර්ජනය කළැයි රිමාන්ඩ් භාරයේ සිටි බොදුබල සේනා කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් මත හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) මුදා හැරියේය.

සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් තැන් තැන්වල විවිධ ප්‍රකාශ නොකරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් ලබන මාර්තු 24 වැනිදාට නඩුව කල් තැබීය.

අධිකරණයේ කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඒ හිමියනට ඇප ලැබිණි.