‘මගේ ඔළුවට පිස්තෝලයක් තැබුවත් මම දුන් නියෝගයක් වෙනස් නොකරමි‘ යි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (28) ප්‍රකාශ කළේය.
බොදු බල සේනා ඥානසාර හිමිට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසම ඉවත දමමින් මහේස්ත්‍රාත් එසේ ප්‍රකාශ කළේය.
ඇප ඉල්ලීමේ මෝසමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැති නිසා එය සලකා බැලිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.
‘මගේ වරදක් ඇත්නම් ඉහළ නිලධාරීන්ට දන්වන්න. මෙම නඩු විභාගය මා විසින් නොකළ යුතු යැයි මා සිතනවා. මම නීතිපති උපදෙස් ද පතා තිබෙනවා. ඊළඟ නඩු වාරය වන විට එම උපදෙස් ලැබෙතියි මම සිතනවා‘ යැයි ද මහේස්ත්‍රාත් කීවේය.

