ඥානසාර හිමිගෙන් අභියාචනයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 

හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට  එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ එම පෙත්සම මඟින් ඥානසාර හිමියන් ඉල්ලා ඇත්තේ තම විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගෙන ,තමන්ට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව ඉවත දමන ලෙසත් ,එය බල ශුන්‍ය කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.

වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට  එරෙහිව අභියාචන පෙත්සමක්  ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ඥානසාර හිමියන් මීට පෙර අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ඥානාසාර හිමියන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.