හෝමාගම උසාවියේදී එක්නැලිගොඩ බිරියට බැන වැදීමේ සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටින බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ බව බන්ධනාගාර ආරංචි කියයි.
කලක සිට පැවැති අසනීප තත්ත්වය පසුගිය දිනවල බෙහෙත් නොගැනීමෙන් උත්සන්න වී ඇතැයි කියති.

