මහියංගණ ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ නිපොන් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් ඇතුළු වීම හා කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට කුරානයට එරෙහිව විරෝධය පෑ බව කියන බොදු බල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමි අසනීපවී සිටින නිසා අද (2) අධිකරණයට පැමිණ සිටියේ නැත.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවසූයේ ඒ සඳහා පිළිගත හැකි වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි.
විභාගය අප්‍රේල් 17 ට කල් තැබිණි.

