මහනුවර හන්තාන කන්දට සිකුරාදා ගිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනකු අතරමංවී පැය 24කට පසු බේරා ගත් බව පොලිසිය කියයි. වැස්සත් මීදුමත් නිසා ගමන් මග සොයාගත නොහැකි බව ජංගම දුරකතන මාර්ගයෙන් විශ්ව විද්‍යාලයට දැනුම් දීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ සහායෙන් මෙහෙයුම ආරම්භ කර තිබිණි. අද සවස ඔවුන් බේරා ගැනීමෙන් පසු ඔවුන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

