ජ‘පුර සිසුහු පොල්කටුවට පණ දෙති


ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට‘ කෙටි නාට්‍ය උළෙල 2015 සමාප්ති උළෙල හා සම්මාන රාත‍්‍රිය සිකුරාදා (6) පස්වරුවේ එම විශ්වවිද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වේ.

මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොල්කටු තිස්දාහකින් නිර්මාණය කළ තොරණ එම විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපස මෙසේ ඉදිකර ඇත.

තොරණෙහි අකුරු ද පොල්කටුවලින් සකස් කර තීන්ත ආලේප කර ඇත. විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා සිසුහු මෙම තොරණ ඉදිකිරීම ස`දහා නිර්මාණාත්මක හා ශ‍්‍රම දායකත්වය දුන්හ.

Thorana_2015114