ජෝශප් වාස් විදුහලට ලකුණු 235 ක දැවැන්ත ජයක්


වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ කළුතර තිස්ස මහ විදුහල අතර වෙන්නප්පුව ශී‍්‍රමත් ඇල්බට් එෆ්. පීරිස් කී‍්‍රඩාංගණයේදී පැවති වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 235 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ජෝශප් වාස් විදුහල සමත්විය.

ජෝශප් වාස් විදුහලේ රුක්ෂාන් පීරිස් නොදැවී ලකුණු 113 ලබාගත් අතර ඔහුට අනගි සහයක් දුන් නායක කසුන් විදුර, ලකුණු 89 ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ද දස්කම් දැක්වූ ඔහු, ලකුණු 17 කට ප‍්‍රතිවාදී පිලේ කඩුලූ 3 ක් දවාගැනීමටද සමත්විය.

ජෝශප් වාස් විදුහල  ඕවර 50 අවසානයේ කඩුලූ 3 ක් දැවී 338
(කසුන් විදුර 89, පි‍්‍රමාශ් ඔබ්රිස් 49, ශනින් සෙව්වන්ද 25, රුක්ෂාන් පීරිස් නොදැවී 113)

තිස්ස මහ විදුහල  ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී 103
(හශාන් චාමර 26, රුමේශ් මධුෂාන් 23, කසුන් විදුර 17/3)
**