වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර සිවුවැනි වාර්ෂික සීමිත ඕවර කි‍්‍රකට් තරගය මේ මස 23 වැනිදා හලාවත ශාන්ත මරියා විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
‘සහෝදරත්වයේ සංග‍්‍රාමය’ ලෙසින් හැදින්වෙන මෙම තරගය පසුගිය වසරේ තුනේදීම ජය ගැනීමට ජෝශප් වාස් විදුහල සමත්ව තිබේ.
ජෝශප් වාස් විදුහල අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ පළමු කොටසේ කී‍්‍රඩා කරන අතර ශාන්ත මරියා විදුහල දෙවැනි කොටසේ කී‍්‍රඩා කරයි. ජෝශප් වාස් විදුහල මෙම තරගවාරයේ තරග 12 කදී කොළඹ ලූම්බිණි විදුහලට සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත්ව තිබේ.
මෙවර ජෝශප් වාස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කසුන් විදුර ද, ශාන්ත මරියා විදුහලේ නායකයා ලෙස රන්දික හෂාන් ද, කටයුතු කරති.
ජෝශප් වාස් විදුමල් සංචිතය:
-කසන් විදුර (නායක), ප‍්‍රිමාෂ් ඔබ්රිස් (උප නායක), දක්ෂිත සඳරු, රන්සි පීරිස්, ශානින් සෙව්වින්ද, නිපුන් දීමන්ත, සිදත් දනුෂ, යුක්ති ජනප‍්‍රිය, ලක්ෂාන් සජිත්, මතීෂ විබෝධ, ශෙහාන් මධුසංක, යොමාල් පෙරේරා, රුක්ෂාන් ශෙනාන්, තරිඳු හසංක, රවිඳු දිල්ෂාන්
ශාන්ත මරියා විදුහල් සංචිතය:
රන්දික හෂාන් (නායක), රවිඳු විසන්ත (උප නායක), කීත් රොෂාන්, චාලක ෂෙහාන්, ටෙහාන් සශිර, ශෙහාන් ජයවර්ධන, එම්. කනගේෂ්වරන්, එච්. දුෂාන්ත, භාෂිත පීරිස්, ගීතාල් මලිත්, කවිඳු හේෂාන්, මලිඳු රුක්ෂාන්, රාජිත දිල්ෂාන්
**