නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදි කැරෙන ජෝන්ද සිල්වා සමරු රඟහලට සුබ මොහොතින් මුල්ගල් තැබීමේ උත්සවයක් අද (10) පැවැත්විණි.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර එම අවස්ථාවට කලාකරුවෝ රැසක් සහභාගී වුහ.
පැරැණි ජෝන්ද සිල්වා සමරු රඟහල තිබු භූමීයේම මෙම නව රඟහල ඉදි කෙරෙන අතර එය සිව් මහල් ගොඩනැගිල්ලකින් යුක්තය.
එහි ආසන 800ක රංග ශාලාවක් ද ආසන 200ක බ්ලැක් බොක්ස් රංග ශාලාවක් ද ඇතුළත්වේ. වියදම රුපියල් කෝටි 45 කි.



