ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අතර හමුවක් අද කොළඹ දී පැවැත්විණි. ආර්.සම්බන්ධන් ඇතුළු නියෝජිත පිරිසක් මේ හමුවට එක්වූහ. මෙරට වත්මන් දේශපාලන තත්ත්වය, උතුරේ නැවත පදිංචිකිරීම් කටයුතු හා පුනරුත්ථාපන කටයුතු ගැන ද ඔවුහු සාකච්ඡා කළහ. දෙමළ ජාතික සන්ධාන නියොජිතයන් හමුවීමෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හමුවී සුහද සාකච්ඡාවක ද නිරතවිය.


