පසුගියදා තිරගත වීම් ආරම්භ කළ ‘Force’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍රහිම් මෙම චිත්‍රපටයේ තුන්වැන්න නිර්මාණය කරන්නට යන පුවතක් බොලිවුඩයෙන් වාර්තා වේ.
මෙම චිත්‍රපටයේ තුන්වැන්න ලබන වසරේ අවසන් භාගයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙහි සුපුරුදු පරිදි ප්‍රධාන චරිතය ඔහු විසින් නිරූපණය කරනු ලබන බවද මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර සිටියි.
පසුගිය නොවැම්බර් 18 වැනිදා තිරගත වූ ‘Force’ දෙවැනි චිත්‍රපටය මේ වනවිටත් ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 50කට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.